වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ සමත්වුණා.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ ශ්‍රි ලංකා බලාපොරොත්තු ගිලීහි ගියා.
ඇෆ්ගනිස්තානය ඊයේ තරගවැදුනේ අයර්ලන්තය සමග. හරාරේ හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 ඇතුළත් කඩුලු 7 ක් දැවී ලකුණු 315 ක් රැස් කළා.
ෆයිසාල් ෂිනෝසාඩා ලකුණු 163 යි. නායක මබූබ් ඛාන් ලකුනු 89 ක් ලබාගත්තා.
පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 40 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවුනේ ලකුණු 124 ක් පමණයි.
ඒ අනුව ඇෆ්ගනිස්තානය තරගය ජයගත්තේ ලකුණු 191 කින්. මෙම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
