මීට වසර දෙකකට පෙර ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කොට පලා ගොස් සැඟව සිටි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පොල් ලෙලි කර්මන්තශාලාවක සේවය කරමින් සිටියදී ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලේවෙල පොලිස් ස්ථානය මගින් සිදුකළ මෙහෙයුම්වලදී ඊට අදාළ එක් සැකකාර පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගැනුණා.
මෙම ඝාතනය පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවට ගොවිපලෙන් ලබාගත් cctv දර්ශන මගින්අනාවරණය කර ගැනීමට ගලේවෙල පොලිසියට හැකිවිය.
පසුව සිද්ධිය සිදු වූ ආසන්නම දින කිහිපය තුළ මෙම සිදුවීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් කොළඹ තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු පොලිසිය මගහරිමින් නිදැල්ලේ සැරිසරමින් සිට ඇත.
ඒ අනුව අනෙක් සැකකරු සොයා ගලේවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණේ.
සැකකරු රංගල ප්‍රදේශයේ දරුවන් හතර දෙනෙක් සිටින කාන්තාවක් සමග ජීවත්වන බවට තොරතුරු ලැබී ඇත.
පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනවා.
