පකිස්ථානයේ – බ්ලුචිස්තාන ගැටුම්වලින් පසු එරට ආරක්ෂක අංශ සටන්කාමීන් 145 දෙනෙකු ඝාතනය කළ බව පකිස්ථාන රජය පවසනවා.
එම සටන්කාමීන් එල්ල කළ තුවක්කු සහ බෝම්බ ප්‍රහාරවලින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් මිය යාමත් සමඟ පකිස්ථාන රජය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි සම්පත් බහුල බලුචිස්තාන් පළාතේ කැරලිකරුවන් ආරක්ෂක හමුදාව, සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර වේගවත් කර තිබෙනවා.
සිවිල් වැසියන් ලෙස සැරසී සිටි ප්‍රහාරකයින් පසුගිය සෙනසුරාදා රෝහල්, පාසල්, බැංකු සහ වෙළඳපොළ වලට ඇතුළු වී වෙඩි තැබූ බව පකිස්ථාන කනිෂ්ඨ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වරයා පවසනවා.
සටන්කාමීන් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. තහනම් බෙදුම්වාදී කණ්ඩායමක් වන බලුච් විමුක්ති හමුදාව ප්‍රහාරවල වගකීම භාරගෙන තිබෙනවා.
ආරක්ෂක හමුදාව ඉලක්ක කර හෙරොෆ්නොහොත් “කළු කුණාටුව” ලෙස නම් කළ මෙහෙයුමක්ද දියත් කළ බවයි එම බෙදුම්වාදීන් පවසන්නේ.
