නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158කට උසස්වීම්

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින් සහ නිලධාරිණියන් 9,158 දෙනෙකු හට නිළ උසස්කිරීම් පිරිනමා ඇත.

ඒ අනුව බළලත් නිලධාරී II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 260 දෙනෙකු ද, බළලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිළයේ සිට බළලත් නිලධාරී II දක්වා 1,211 දෙනෙකු ද, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1,704 දෙනෙකු ද, කෝප්‍රල් නිලයේ සිට සැරයන් දක්වා 2,339 දෙනෙකු ද, ලාන්ස් කෝප්‍රල් නිලයේ සිට කෝප්‍රල් දක්වා 2,204 දෙනෙකු ද සහ සාමාන්‍ය සෙබළ නිලයේ සිට ලාන්ස් කෝප්‍රල් දක්වා 1,440 දෙනෙකු උසස්වීම් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරනවා.