දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘතයි.
අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ පළ කර ඇත.
අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණක් බව ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
අදාළ ගැසට් නිවේදන පහතින් දැක්වේ.