කෝපායි පොලිස් වසමේ අල්ලියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (16) දින සවස පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.
කෝපායි පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 59 ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණකරු හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ අවුරුදු 37 හා 63 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
