අයි.ඩී.එච්.සුද්දා ඇතුළු දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු ප්‍රබල පාතාලය ක්‍රියාකාරිකයකු බව කියන සමන්ත කුමාර පෙරේරා හෙවත් අයි.ඩී.එච්.සුද්දා සහ ප්‍රභාකරන් ප්‍රියදර්ශනී නමැති කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.