ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා කෙටි කලකින් අවසන් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මියාමි හි පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.
යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉදිරියේදී පහළ වැටෙනු ඇති බවයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු මෙහිදී කියා සිටියා.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද මෙහෙයුම් ඔස්සේ ඉරානයේ නාවික සහ ගුවන් බලය මුළුමනින්ම අඩපණ කිරීමට අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා සමත්ව ඇති බව ට්‍රම්ප් පවසනවා.
ඉරානයේ සංවේදී මධ්‍යස්ථාන රැසකට එල්ල කළ ප්‍රහාර හමුවේ එරට නායකත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් නැව් වලට එල්ල වන තර්ජන හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියද, ඉදිරි දින කිහිපය තුළ එම තත්ත්වය සමනය වන බව ට්‍රම්ප් විශ්වාසය පළ කරනවා. ඉරානයට යළි හිස එසවීමට නොහැකි වන පරිදි ප්‍රහාර එල්ල කරන බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා, මෙම යුද්ධය තවදුරටත් ඇදගෙන යාමේ අපේක්ෂාවක් නොමැති බවද අවධාරණය කරනවා.
