නායයෑම් අවදානම් පවුල් නැවත පදිංචි කිරීමේ දීමනාව රු.මිලියන 2.5 දක්වා ඉහළට

නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කර තිබෙනවා.

නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් සිය පදිංචි ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානගත පදිංචි කළ යුතු පවුල් හඳුනාගෙන නැවත පදිංචි කිරීමේ වැඩසටහන ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6ක මුදලක් හඳුනාගනු ලබන ප්‍රතිලාභී පවුලක් සඳහා ලබාදෙන අතර ඒම මුදල සක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිලතිතුමා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.