අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව 11 වන දිනටත් මේ වන විට ක්‍රියාත්මක වනවා.
මෙම යුධමය තත්ය හමුවේ ඉරානය පුරා පිහිටි සිවිල් මධ්‍යස්ථාන දසදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
සිවිල් වැසියන් එක්දහස් තුන්සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ටෙහෙරාන් පාලනය තහවුරු කරන අතර මේ වන විටත් මැදපෙරදිග කලාපය පුරා දැඩි යුදමය තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
පසුගිය පැය කිහිපය තුළ ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රබල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වුවහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
එම අනතුරු ඇඟවීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වෙමින් තිබූ ඉරානයට අයත් මුහුදු බෝම්බ අතුරන නාවික යාත්‍රා දහසක් විනාශ කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.
