ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දැමූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මැදපෙරදිග යුධ ගැටුම් මීට හේතු වී තිබෙනවා.

ඔවුන් නිවේදනය කර ඇත්තේ මෙම වසරේ අග භාගයේදී මෙම තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කරන බවයි.

තරඟාවලිය ලබන 13 වනදා ආරම්භවීමට නියමිතව තිබූ අතර ඊට එක්දින තරඟ 3ක් සහ 20-20 තරඟ 3ක් ඇතුළත්ව තිබුණා.