ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා සිටිනවා.
යම් හෙයකින් තමන්ගේ යටිතල පහසුකම්වලට යළි ප්‍රහාරයක් එල්ල වුවහොත් කිසිදු ඉවසීමකින් තොරව ඊට ප්‍රතිචාර දක්වන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඉරානයේ දකුණු පාර්ස් ස්වභාවික වායු නිධිය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් කලාපයේ අනෙකුත් බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර සිටිනවා.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් මෙතෙක් පවත්වාගෙන ගිය සංයමය අවසන් බවත්, ඉදිරියේදී එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව සිය උපරිම ශක්තිය යොදවන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
මේ අතර ඉරාන ප්‍රහාර හේතුවෙන් කටාර් රාජ්‍යයේ එල්.එන්.ජී. ගෑස් අපනයන ධාරිතාවයෙන් සියයට 17ක ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති මෙම බලශක්ති යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ ගෑස් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කටාර් බලශක්ති ප්‍රධානියා පවසන්නේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිදුවූ අලාභය ප්‍රතිසංස්කරණය කිරීමට වසර තුනක පමණ කාලයක් ගතවිය හැකි බවයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ඉරානයේ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන විනාශ කිරීම තම ප්රමුඛ අරමුණ වන බවයි.
