අවාසනාවන්ත හෙලිකොප්ටර් අනතුරක්


ඇමරිකාවේ හවායි දූපත් සමූහයට අයත් කවායි දූපත් වෙරළට ඔබ්බෙන් සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරනවා

පස් දෙනෙකු රැගත් මෙම හෙලිකොප්ටර් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටී ඇති අතර ඉන් දිවි ගලවාගත් දෙදෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා