ඉරානය සමඟ පවතින යුදමය ගැටුම් අවසන් කිරීම සඳහා කිසිදු ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.
මෙම ගැටුම් ඉදිරි සති දෙකක හෝ තුනක කාලසීමාවක් ඇතුළත අවසන් විය හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මේ අතර ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ඉරානයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තවදුරටත් දියත් වනවා.
ඉස්ෆාන් සහ ෆාරෝක්ෂර් යන ප්‍රදේශවල පිහිටි ඖෂධ නිෂ්පාදන ආයතන සහ වානේ කර්මාන්තශාලා වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා.
