කතරගම ඉදිකල වැඩිහිටි සත්කාර පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය


කතරගම ඉදිකල වැඩිහිටි සත්කාර පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය ඊ‍යේ ජනතා අයිතියට පත් කෙරුණා.රුපියල් මිලියන 500ක මුදලින් ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානයේ වැඩිහිටියන් 120 දෙනෙකුට පමණ ඉඩකඩ ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වැඩිහිටි නිවාසය මහල් තුනකින් සමන්විත වනවා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කර තිබෙනවා