කටාර් රාජ්‍යයට ඉරානය එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාර තුනකින් එක් මිසයිලයක් ඉන්දන ප්‍රවාහන නෞකාවකට වැදී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ එල්ල වූ මිසයිල දෙකක් අතරමගදී විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි.
නමුත් මිසයිලය කටාර් එනර්ජි සමාගම බදු පදනම මත ලබාගත් නෞකාවකට පතිත වී ඇති බව සඳහන්.
ප්‍රහාරයත් සමඟ නෞකාවේ සිටි විසි එක් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ගැනුණා.
කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
