යුධ ගින්නට මැදිවූ ඉරාන හෙදියන්

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන හෙදියන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජය පවසනවා.

මෙම හෙදියන් පිරිස සිය සේවා ස්ථානයන්හි රාජකාරියේ නිරතව සිටියදී එල්ල වූ ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි බලධාරීන් තහවුරු කර සිටියේ.

කෙසේ වෙතත් මෙම මරණ සහ පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ වුවද, එරට වෛද්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව එම වාර්තා මගින් වැඩිදුරටත් අනාවරණය වනවා.