ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිලිමලුන් පිටු දැකිමේ රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
ඔවුන් මෙම ශුරතාව දිනා ගත්තේ 2011 වසරින් පසුව වීම විශේෂත්වයක්.
අවසන් තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී.
ඊට මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය විද්‍යාල සුදුසුකම් ලබා තිබුණා.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 27ට 12ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය ඉදිරියෙන් සිටියා.
දෙවැනි අර්ධයෙදි ත්‍රිත්ව විද්‍යාලය තවත් ලකුණු 31ක් රැස් කළා.
රාජකීය විද්‍යාලය එම අර්ධයෙදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 14ක්.
ඒ අනුව ලකුණු 58ට 26ක් ලෙස තරග ජය ගැනීම ත්‍රිත්ව විද්‍යාලය සමත්වුණා.
ඔවුන් ලකුණු රැස් කළේ ගෝල දිනුම් 4ක් සහ උත්සාහක දිනුම් 6ක් මගින්.
