හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) උදෑසන මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලන උතුර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 300 ක් සහ හේරොයින් කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 946 ක් සොයාගනු ලැබුවා.

මත්ද්‍රව්‍යවලට අමතරව ඔහු භාවිත කළ යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස්ගතව දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.