වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිගම්බොක්ක තිරුවාණ නිධියේ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් තිරුවාණ කැඩූ අයෙක් විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලාකා බුත්තල කදවුරේ නිලධාරීන් පිරිසක් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
එම ස්ථානයේ තිබී අනවසරයෙන් කඩන ලද තිරුවාණ ටොන් හැටකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සදහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
