හැටන් දික්ඔය වන රාජා වත්තේ යූ කැලිප්ටස් වගාවකට ඊයේ (08) දින පස්වරුවේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.
එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවට මායිම්ව පිහිටි යූ කැලිප්ටස් වගා බිමේ ඉලුක් පඳුරු විශාල වශයෙන් තිබෙන අතර, පවතින වියළි කාලගුණයත් සමඟ තේ කර්මාන්තශාලාව අසළ පදිංචි කිසියම් පිරිසක් විසින් එම වගාවට ගිනි තබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
පැතිර ගිය ගින්නෙන් එම වන වගාවේ අක්කර 10ක පමණ කොටසක් ගිනි ගෙන විනාශ වි ඇත.
