වෘත්තිය පුහුණු අධිකාරියේ 239කට පත්වීම්

ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණු නිලධාරී සහ උපදේශක පත්වීම් අද ප්‍රදානය කෙරුණා. ඒ, නාරාහේන්පිට නිපුනතා පියස පරිශ්‍රයේදී.

239 දෙනෙකුට ස්ථිර පත්වීම් පිරිනැමුණා.

ඒ, පුහුණු නිලධාරීන් 25 දෙනෙකු සහ උපදේශක නිලධාරීන් 214 දෙනෙකු සඳහායි.

පත්වීම්ලාභීන් ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථාන 204 ක ක්‍ෂේත්‍ර 29 නියෝජනය කිරීම සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.