අශිෂ්ටයින් වැනසූ පිටකොටුවේ අලුත් බස් නැවතුම

දිගුකාලීනව පැවති අවශ්‍යතාවක් සපුරාලමින් ඉතා ඉහළ මට්ටමේ පහසුකම් සහිතව නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.

නමුත් ඉතා කණගාටුදායක කරුණ නම්, එම පරිශ්‍රය විවෘත කර පැය 24 ක් ගතවීමටත් පෙර එහි දේපළවලට හානි සිදු කර තිබෙනවා.

අශිෂ්ට ලෙස හැසිරුණු පිරිසක් එහි වැසිකිළි පද්ධතිය ඇතුළු පහසුකම් රැසකට හානි කර ඇති බවයි වාර්තා වන්නේ.

සනීපාරක්ෂක පහසුකම් සඳහා ස්ථාපනය කර ඇති ඉතා උසස් තත්වයේ වැසිකිළි පද්ධතියට හානි කර ජල කරාම ගලවා දමා විනාශ කර ඇති අතර එම පරිශ්‍රය බුලත් කෙළ ගසා අපවිත්‍ර කර තිබෙනවා.