මෙරට තුළ පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීමට යොදාගැනීම සඳහා චීනයේ භාවිතා කරන ලද ජංගම දුරකතන 84 ක් සහ චීන මත් පුවක් තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපලේදි රේගු නිලධාරින් විසින්.
සැකකරුවන් චීන ජාතිකයන් වන අතර, ඔවුන් කුං මින් නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා.
ජංගම දුරකතනවල සහ මත් පුවක්වල මිල රුපියල් පනස් ලක්ෂ 30,000 ක් පමණ වන බවයි ගුවන් තොටුපල රේගු නිලධාරින් පවසන්නේ.
