ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ලංකා‍වේ නිල චාරිකාවකට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී රාධක්‍රිෂ්ණන් මහතා ලබන 19 සහ 20 දෙදින තුළ ශ්‍රී ලංකා‍වේ නිල චාරිකාවකට එක්වනවා. එහිදී දෙරට අතර මෑතකදී සිදුවූ ඉහළතම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය උප ජනාධිපතිවරයාද මෙහිදී තවත් විශේෂ අවස්ථා කිහිපයකටද සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින්ද මුණගැසීමට නියමිත බවයි.

මෙම නිල චාරිකා අතුරතුරදී දිට්වා සුළි කුණාටුව හා සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිතයි.