ඒහිපස්සිකෝ සාම පාද යාත්රාවේ තුන්වැනි දිනය වන අද (24) දින මහනුවර ශ්රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ශ්රී දළදා මාලිගාවෙන් ආරම්භ වන සාම පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස් ථානයෙන් ආරම්භ කෙරුණා.
භික්ෂුන් වහන්සේගේ මෙම සාම පාගමනට බාධාවක් නොවන ලෙස මාර්ගයේ පසෙකට වී ඉඩ ලබාදෙන්නැයි ආරක්ෂක අංශ ඉල්ලා සිටිනවා.
