රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන

ඉකුත් සතිය තුළ විදේශ රාජ්‍ය නායකයින් රැසක් මෙරට සංචාරය කිරීම තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි විදෙස් මාධ්‍යවල අවධානය ‍ඉහළ ගොස් තිබෙනවා. 

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ නිල චාරිකාව අවසන් වීමත් සමග මාලදිවයින් ජනාධිපතිවරයා සහ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි අතර, සති අන්තය වන විට වියට්නාම ජනාධිපතිවරයාද මෙරටට පැමිණීමට නියමිතයි.