ඉරාන මුහුදු සීමාව උල්ලංඝනය කළ අමෙරිකානු යුධ නෞකාවකට මිසයිල ප්‍රාහර එල්ල කළ බව ඉරානය පවසනවා.
එම නෞකාවට දැඩි හානි සිදුව ඇති බවයි ඉරාන නාවික හමුදාව පවසන්නේ.
සිය නෞකා ප්‍රහාරයකට ලක්වීම පිළිබඳව පළවන වාර්තා අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු නෞකාවක් ඉරාන නාවික හමුදාවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සිය පවසනවා.
අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ තම කිසිදු නෞකාවකට හානියක් සිදුව නොමැති බවයි.
තම බලකායන් වෙත පැමිණි ඉරාන යාත්‍රා හතක් ගිල්වා දැමූ බවද ඔවුන් පවසනවා.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් නෞකා දෙදහසකට අධික සංඛ්‍යාවක් අතරමංව තිබෙනවා.
ඒවා මුදාගැනීමට අමෙරිකාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක කරන බවයි අමෙරිකානු බලධාරීන් කියා සිටියේ.
