ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම හේතුවෙන් බොර තෙල් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර මිට හේතුවයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්ධන ටැංකි 11 ක් විනාශ වූ බව ඉරාන බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මේ අතර බොර තෙල් මිල ඊයේ වන විට සියට 14කින් ඉහල ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77ක් ලෙසයි සදහන් වන්නේ.
