තායිලන්ත හිටපු අගමැතිට අද නිදහස

දූෂණ චෝදනා මත වසරක සිරදඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අග්රාමමාත්යඬ තක්ෂින් සිනවත්රන මාස 8ක කාලයකට පසු බැංකොක් නුවර බන්ධනාගාරයකින් අද නිදහස් කර තිබෙනවා.

76 හැවිරිදි මෙම ප්ර කෝටිපති දේශපාලනඥයකු වන මොහු නිදහස ලබා පැමිණීම සැමරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් බන්ධනාගාරය අසලට රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.