මුතුහර රූපවාහිනී ළමා සමාජ ඌව පළාත් සමුළුව පසුගියදා පැවැත්වුණා. ඒ, බණ්ඩාරවෙළ මධ්යු මහා විද්යා.ලයීය ප්ර ධාන ශාලාවේදී.
ඌව පළාතේ මුතුහර ළමා සමාජ නිලධාරීන් සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිස දැනුවත් කිරීම හා සවිබල ගැන්වීම මෙන්ම, ඌව පළාත තුළ නව මුතුහර ළමා සමාජ ආරම්භ කිරීම මෙම වැඩසටහන සංවිධාන කිරීමේ අරමුණයි. මීට සමගාමීව, නව මුතුහර ළමා සමාජ නිලධාරීන් වෙත නිල ලියාපදිංචි ලිපිය ද මෙහිදී ප්රමදානය කෙරුණා.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ඌව පළාත් ජනතාව සඳහා ඉතාලියේ මිලානෝ අංක 2601 මුතුහර ළමා සමාජයේ පරිත්යාජග ද නිල වශයෙන් පිළිගන්වනු ලැබුවා. ඒ, ශ්රීය ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යාක්ෂ ජනරාල් මනෝජ නදීෂන අමරසිංහ මහතා විසින්.
