මෙරට තැලසීමියා රෝගීන් 2500 ක් පමණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කරන්නේ වාර්ෂිකව දරුවන් 45 ත් 60 ත් අතර සංඛ්‍යාවක් තැලසීමියා තත්වයත් සමඟ උපදින බවයි.
ජාත්‍යන්තර තැලසීමියා රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුකට ඊයේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
