වසර 44ක අභිමානවත් ඉතිහාසයක් ඇති වීරපුර විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (20) පැවැත්වුණා.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහි දී විශේෂ දේශනය පැවැත්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙතෙක් කාලයක් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ පැවති සම්පත් බෙදීයාමේ විෂමතාවය හේතුවෙන් වීරපුර විද්‍යාලය වැනි දුෂ්කර පාසල්, බලධාරීන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද අවධානයෙන් ගිලිහී ගොස් තිබූ බවයි.
නගරයේ පාසල්වල මෙන්ම දුෂ්කර පාසල්වල දරුවන්ට ද මුහුණ දීමට සිදුවන්නේ එකම ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍රයකට බැවින්, සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන පහසුකම් සලසා දීම රජයේ මූලික සහ පරම අරමුණ බවද ඔහු පැවසුවා.
