ඉදිරි පැය 24 තුළ රත්නපුරයට ගංවතුර අවදානමක්

කළු ගඟ ද්‍රෝණියට ලැබෙමින් පවතින අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එබැවින් රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජීවත්වන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.