වව්නතිව්, පාචක්කොඩිචේන ප්‍රදේශයේ ඊයේ (25) දින උදෑසන නිවසක් ආසන්නයේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වව්නතිව් පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 63 ක් වූ නෙරියමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා බිරිඳ පාචක්කොඩිචේන ප්‍රදේශයේ පිහිටි නිවසේ වාසය කර ඇති බවත්, බිරිඳ 2026.05.24 දින සවස දියණියගේ නිවසට ගොස් නැවත උදෑසන නිවසට පැමිණීමේදී සැමියා ඝාතනය කර ඇති බවට දැක ඇත. ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වව්නතිව් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.