රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වයේ ප්‍රධාන සමා­ර­ම්භක උලෙළ හෙට තිහ­ගොඩ, මිදෙ­ල්ල­වල පුරාණ රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී ජනාධිපති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කිරී­මට නිය­මි­තයි.