වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන VietJet කොළඹ සහ හෝ චි මිං නගරය අතර සිය පළමු ඍජු ගුවන් ගමන් සේවාව පසුගිය (18) ආරම්භ කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.
VietJet ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කිරීම පිළිගනිමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙම ඍජු ගුවන් සේවාව ආරම්භ වීම පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් බවයි.
සතියකට තුන් වරක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවාව මඟින් දෙරට අතර සංචාරක, ව්‍යාපාරික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ශ්‍රී ලාංකික සංචාරකයින්ට හෝ චි මිං නගරය හරහා වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම නැගෙනහිර ආසියාව, ගිනිකොණදිග ආසියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාවද හිමි වෙනවා.
