ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර එක් දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලේකනයේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
මීට පෙර අවසන් වරට නිකුත් කළ ශ්‍රේණිගතකිරීම් ලේකනයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ පස්වන ස්ථානයයි.
මෙම් වනවිට ශ්‍රී ලංකාවට ශ්‍රේණිගතකිරීම් ලකුණු 104ක් හිමියි.
මේ වනවිට එම ලේකනයේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 124ක් හිමි කරගත් ඉන්දියාවයි.
දෙවන ස්ථානය නවසීලන්තයටත්, තුන්වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා.
