කොකේන් කිලෝ 10ක් ගුවන්තොටේදී කොටු

අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයාස් තුනක සඟවාගෙන පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.