දුම්රිය සේවයට නව රියදුරන් 190ක්

මෙරට දුම්රිය සේවය සඳහා නව රියැදුරන් 190 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසූරිය මහතා පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තනතුරු කිහිපයක නිලධාරීන් වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.