යුරෝපා නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පෘතුගාලය ඊයේ සමත් වුණා. ඒ, ස්පාඤ්ඤ කණ්ඩායම පරාජය කරමින්.
තරගය පුරා දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වුණා.
තරගයේ පළමු ගෝලය 21 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයේ මාර්ටින් සුබිමෙන්ඩි වාර්තා කළ අතර, තරගයේ පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.
ඊට පිළිතුරු ලෙස 26 වැනි මිනිත්තුවේදී පෘතුගාලය වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමට නූනෝ මෙන්ඩිස් සමත් වුණා.
45 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කළ මිකෙල් ඔයාර්සබාල් තරගයේ ජය ස්පාඤ්ඤය දෙසට හරවා ගත්තා.
නමුත්, තරගයේ 61 වැනි මිනිත්තුවේදී පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ තම 138 වැනි ගෝලය පෞද්ගලික ජාත්‍යන්තර ගෝලය ලබා ගනිමින්, තරගයේ ගෝල සංඛ්‍යාව සම කිරීමට සමත් වුණා.
ඒ අනුව, නියමිත කාලය අවසානයේ තරගය නිමා වුණේ, ගෝල සංඛ්‍යාව 2 ට 2 ක් ලෙස සමවීමෙන්.
ඒ අනුව, තරගයේ ජය දඬුවම් පහර මගින් තීරණය වූ අතර, පෘතුගාලය 5 ට 3 ක් ලෙස දඩුවම් පහර සාර්ථක කර ගනිමින් යුරෝපා නේෂන්ස් ලීග් පාපන්දු ශූරතාව හිමි කර ගැනීමට සමත් වුණා.
පෘතුගාලය, මෙම ශූරතාවය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
