පිලිපීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් සමග පසුගියදා සාකච්ඡා රැසකට සහභාගි වුණා.
ආසියානු සංවර්ධන බැංකුව හා මෙරට අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාපෘති සමාලෝචනය සහ අනාගත සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණා. අග්‍රාමාත්‍යවරිය පිළිගත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සහය අගය කරනු ලැබුවා.
්දිට්වා ආපදා අවස්ථාවේදි ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ආධාර මෙන්ම මෙරට සමග ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව අගය කළ අග්‍රාමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් සිය ස්තූතියද පළකළා. ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති යින්ග් මින්ග් යෑන්ග් හමුවු අග්‍රාමාත්‍යවරිය, බැංකුව මෙරටට අරමුදල් සපයන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරිය මැනිලා නුවර අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකටද සහභාගි වුණා.
කලාපීය අධ්‍යාපන පද්ධති, ප්‍රතිපත්ති සහයෝගීතාව සහ අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන රාමු ශක්තිමත් කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුවුණා.
