
රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි එක්දින තරගය පිතිකරු සදීර සමරවික්‍රමට හා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණට ඉතාම තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ. ඉදිරි පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්කර ඇති සදීර සහභාගි වූ අවසන් එක්දින ඉනිම් 16කදී එකම අර්ධ ශතකයක් හෝ වාර්තා කර නැති අතර, එම ඉනිමක ලකුණු සාමාන්‍ය 13. 87ක් වැනි සුළු සංඛ්‍යාවකි. එබැවින් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසෙන සදීර සමරවික්‍රමට දක්ෂතා අතරට පිවිසීම උදෙසා අද තරගය තවත් අවස්ථාවක් බවට පත්ව තිබේ.
එමෙන්ම දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ ද පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වී අවසන් ඉනිම් 7කදී දවාගෙන ඇත්තේ කඩුලු 2ක් පමණි. ඔහු පන්දු යැවූ අවසන් ඉනිම් 7 තුළදී ඕවර් 55ක් යවා ඇති අතර, ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණු ගණන 249කි.