අද සිංහයන්ට තීරණාත්මකයි

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන මීලග වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර තරග අද පැවැත්වෙනවා.

අබුඩාබිහිදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වන්නේ අබුඩාබිහිදීයි. මේ දක්වා තරගාවලියේ තරග 2 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒම තරග 2 ම ජය ගනිමින් බී කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ඇෆ්ගනිස්ථානය තරග 2 ක ක්‍රීඩා කර ඉන් ඒක් තරගයක ජය ‌ගෙන පසුවන්නේ බී කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේයි.

අද තරගය ජය ගැනීමට ශ්‍රී ලං කා කණ්ඩායමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශයට මීලග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

යම් හෙයකින් ශ්‍රී ලංකාවට තරඟය පරාජය වීමට සිදුවුවහොත්, පළමුවෙන් පන්දුවට පහරදී ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථානයට එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර දොළහකට අඩු සංඛ්‍යාවකින් හඹා යෑම වැළැක්විය යුතුයි.

දෙවනියට පන්දුවට පහර දුනහොත් ඔවුන්ට පරාජය වීමේ ලකුණු පරතරය ලකුණු 60් ත් 70 ත් අතර සීමාවට වඩා අඩුවෙන් තබා ගත යුතුයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකාවට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති. ශ්‍රී ලංකාව සහ අැෆ්ගනිස්ථානය අතර ෙමෙතක් ඉතිහාසෙය් පවත්වා ඇති 20-20 ක්‍රිකට් තරග සංඛයාව 8 ක්.

ඉන් අතර ඉන් තරග 5 ක් ශ්‍රී ලංකාව ජය ගත් අතර ෆ්ගනිස්ථානය ජය ගත් තරග සංඛ්‍යාව 3 ක්. අද තරගෙය්දී ශ්‍රී ලංකා කණ්ඩායෙම් එක් ෙවනසක් සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඒ අනූව යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද තරයට ක්‍රීඩා කරනු ඇති.