අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී ඊයේ (28) දින දහවල් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර සැකකරු ද ගෙළ කපාගෙන ඇති බවට බිබිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු 40 ක් වූ රදලියද්ද, බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෘත ශරීරය බිබිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිබිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.