මනුෂ්‍ය ඝාතනයක් සිදුකර වෑන් රථයක් කොල්ලකෑමේ අපරාධයකට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.06.13 වන දින වෙන්නප්පුව පොලිස් වසමේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර වෑන් රථයක් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු 2025.06.16 වන දින සීදූව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් කොල්ලකන ලද වෑන් රථය මහනුවර ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 29 වයස්වල පසුවන ලුණුවිල හා වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, ඔවුන් විසින් අපරාධ ස්ථානයේ තිබී සොරාගන්නා ලද යතුරුපැදියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
