අම්බලන්ගොඩ වෙඩිතැබීමට සැකකරුවෙකුට මාංචු

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 04 වන දින අම්බලන්ගොඩ නගර සභාව ආසන්න මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව මෙම අපරාධය සිදුකළ වෙඩික්කරුට පළා යාමට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දින සවස් කාලයේදී ඇල්පිටිය පොලිස් වසමේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 27ක් වන එරනවිල, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ සහෝදරයා බව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.