අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මූලික රෝහල නව ස්ථානයක පිහිටුවීමට සාකච්ඡාවක්

දඹුල්ල මූලික රෝහල නව ස්ථානයක පිහිටුවීමට රජය තීරණය කර ති‍බෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දඹුල්ල වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 12ක්. පළමු අදියර යටතේ ඇදන් 130කින් යුක්තව ආරම්භ කෙරෙන දඹුල්ල නව මූලික රෝහල ඇදන් 200ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ ඉදිකිරීම් වසර 3ක් ඇතුළත අවසන් කරන බවයි. සාකච්ඡාවේදි ඉදිරිපත් කෙරුණු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට ද අමාත්‍යවරයා විසින් පියවර ගනු ලැබුවා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොහොරන්වැව ග්‍රාම නිලධාරි වසමේ භූමියක් නව රෝහල ඉදිකිරීමට තෝරාගෙන තිබෙනවා. රංගිරි දඹුලු රාජමහා විහාරයේ භාරකාරත්වය උසුලන පූජ්‍ය දඬුබැදිරුප්පේ මහින්ද හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු තවත් ජනතා නියෝජිතයන් පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා.