අමෙරිකා – ඉරාන සාම සාකච්ඡාවල තීරණාත්මක අදියරක් දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව අවසන් වූ බව ඉරාන රජය නිවේදනය කරනවා.
ඉස්ලාමාබාද් නුවරදී පැය 14 ඉක්මවූ කාලයක් ඉරාන සහ අමෙරිකානු නියෝජිතයින් මෙම ඍජු සාකච්ඡාවට එක්වූ අතර මැදිහත්කරු වශයෙන් පාකිස්තානයද එම කාලය තුළ සාකච්ඡා මේසයට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් එම සාකච්ඡා කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වාර්තා වන කරුණු අනුව ඉරානය විසින් අමෙරිකානු පාර්ශවයේ යෝජනා පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් සාකච්ඡා තවත් දිනකින් දීර්ඝ කර පාර්ශවකරුවන් අවසන් එකඟතාවකට ගෙන ඒමට පාකිස්තානය දැරූ උත්සාහයත් ව්‍යර්ථව ගොස් තිබෙනවා.
