අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කොටු

පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190 ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කාර් රථය හා මත්ද්‍රව්‍ය ද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27 හා 36 වයස්වල පසුවන සෙවනගලප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.